Colombo Today Local News

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

ශ්‍රි ලංකාව තුල ආන්දෝලනයට තුඩුදුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.03 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී දැනට සිදු කරගෙන යන විර්මශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවාද, එසේ නැවතීමට දේශපාලණික හේතු බලපා තිබෙනවාද, තවද අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විර්මශන, අළුතෙන් ආරම්භ කළ යුතු විර්මශන තිබේ නම් ඒවා මොනවාද යන්න පිළිබඳවද විශේෂ අවධානය යොමු කර සාකච්ඡාවට භාජනය කරන ලදී.යම් යම් විමර්ශන සඳහා බලපෑම් සිදුවී තිබේද, එසේ නොමැතිනම් ප්‍රමාදවීමට හේතු මොනවාද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.මෙම අවස්ථාව සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි විය.

Related posts

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලීට එරෙහි නඩුව විභාගයට ගැනීම දෙසැම්බර්

colombotoday

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

colombotoday

අය වැය ඡන්දයට ශ්‍රීලනිප සහය නෑ…

colombotoday

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday