Colombo Today Local News

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

රුපියල් කෝටි 500 කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 200 ක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන 20 ක් පමණක් බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

රජයට පාඩු කරමින් ආනයනය කළ සුඛෝපභෝගී වාහන අත්පත්කර ගැනීමෙන් නොනැවතී එම අපරාධයට සම්බන්ධ වූ සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අල්ලස් කොමිසමට නියෝග කළේ ය.

2015 වසරින් පසුව ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කළ ප්‍රාඩෝ, ලෑන්ඩ් කෲෂර්, වී 8, රේන්ජ් රෝවර් ඇතුළු සුඛෝපභෝගී වාහන 200 ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 වසරට පෙර ආනයනය කළ සාමාන්‍ය රථවාහන ලෙස ලියාපදිංචි කර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

අදාළ සුඛෝපභෝගී වාහන වහාම රජයට භාර දෙන ලෙස එම වාහනවල හිමිකරුවන්ට අධිකරණය මගින් ඉකුත් දා නියෝගයක්ද කළේ ය.

Related posts

පුංචි ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

Admin

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

ගම්මන්පිල , විමල්, වාසුදේව යන අය ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් – අමාත්‍ය දිළුම් අමුණුගම

colombotoday

2024 අයවැය යෝජනා

Admin

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියා පාස්කු කොමිසමට

colombotoday