Colombo Today Local News

මිනිස්සු රනිල්ට කළගුණ සැලකුවේ නෑ

මින්නේරියේ දෙයියෝ කියපු සී.පී.ද සිල්වා පරාජය කරල ගෙදර යැව්වා. නිදහස් අධ්‍යාපනයේ පියා වූ කන්නන්ගර මහත්තයත් පරාජය කරල එළෙව්වා. අනගාරික ධර්මපාලතුමාටත් අපහාස කළා. කෘතවේදීත්වය සලකන්න දන්නේ නැති අපේ රටේ අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් මහත්තයටත් සැලකුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

බළපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් අසේල ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය පාතෙගමදී පැවැති බළපිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව කීය.

වැඩිදුරටත් කතා කළ වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

‘මේ රටේ රතු ආණ්ඩුවක් පිහිටුවල තිබෙන්නේ අවුරුදු පනහකට පසුවයි. අපි භාර ගත්තේ බංකොලොත් රටක්. ඉන්දියාව, චීනය, ජපානය ආදී ණය දුන්න රටවලට පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් කතා කළා. එතුමාට ඒ කාලයේ වෙන දෙයක් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒක කරල එන්න සිදුවුණේ ඡන්දයකටයි.

අනෙක් අය ඒ කාලය තුළදී බොරු කියමින් වෛරය පැතිරෙව්වා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙවර පරාජය වුණේ. ගියවර මහ මැතිවරණයෙන් පරාජය වූ වෙලාවෙදිත් අපෙන් කැඩිල ගිය අයට එකතු වෙන්න කියල කිව්වා. ආණ්ඩුව ගත්ත ගමන් රනිල් මහත්තයා ඒ ආරාධනාව කළා. නමුත් ඒ අය කියන්නේ එකතු වෙන්න බැහැ කියලයි. පොදුජන පෙරමුණේ කට්ටිය කියන්නේ පොදු ලකුණකින් එකතු විය යුතුයි කියලයි.

ඩී.ඇස්. සේනානායක මහත්තයා පළමු වරට අගමැති වුණේ දිනල නොවෙයි. සියලු දෙනාම එකතුවෙලා එතුමා අගමැතිකමට තෝර ගත්තා. මැතිනිය ඇතුළු හැම නායකයෙක්ම පක්ෂයේ නායකත්වය තියා ගත්තා. වාහනයක් දමල ගියානම් ඒවා ප්‍රදර්ශනය කරනවට වඩා අයිතිකරු සොයල අත්අඩංගුවට ගන්න ඕනෑ. ආණ්ඩුව ගත්ත අය එන්නේ මිනිසුන්ගේ දුක අහන්න නොවෙයි. අපි ආවම ගේ කැඩිල ඒක හදල දෙන්න, මාරුව හදල දෙන්න ආදී ප්‍රශ්න කියල ලියුම් දෙනවා. රතු ආණ්ඩුවේ කිසිම කෙනකුට ජනතාව ප්‍රශ්න කියල ලියුම් දීල තිබෙනවද?’

– අහුන්ගල්ල, ඒ. සිවනෙත්ති

Related posts

“රටම භීතියටත් පත් වෙලා.. තවත් නිහඩව ඉනු බෑ” – සජිත්ගෙන් නිවේදනයක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන තැන්

colombotoday

මියන්මාර් මුස්ලිම් සංක්‍රමණිකයන් පිරිස පිටුවහල් නොකෙරේ ! ලංකාවේ රදවා ගැනීම නියෝග..

colombotoday

කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට හසුවූ මිණිමුතු මෝරුන් යළි දියඹටම දමයි

colombotoday

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

“උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ.. ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවීමයි අවශ්‍ය” – අස්ගිරි මහානාහිමි

colombotoday