Colombo Today Local News

පොහොර සහනාධාරෙට වෙච්ච දේ

වැඩි කළ පොහොර සහනාධාරය අදියර 02කින් ලබා දීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී එම්. වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩි කළ පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම් දීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හරින බව ලේකම්වරයා පැවසීය.

එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ගොවීන්ට මුදල් ලබා ගැනීමට හැකියාව තිබේ.

ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බව එහිදී පැවසීය.

ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බව පැවසීය.

හෙක්ටයාර් එකකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15000 සිට රුපියල් 25000 දක්වා වැඩිකිරිමට ජනාධිතිවරයා පසුගියදා පියවර ගත්තේය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

colombotoday

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday

ETCA මගින් ඉන්දියාව ලංකාව අල්ලන හැටි, ටිබෙටයට වූ දේ ඇසින් දුටු ඇමරිකාවේ නාහිමියෝ ලියති

colombotoday

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday