Colombo Today Local News

වැඩ වැරදෙන චාමර

ජනාධිපතිවරණ කාලසීමාවේදී හිටපු රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩා වැදී මැතිවරණ නීති කඩ කළ 34 දෙනකු නිදහස් කරන ලෙසට කළ බලපෑම සම්බන්ධයෙන් සිදුව ඇති විමර්ශනය අභියෝගයට ලක්කරමින් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල විසින් මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා නිර්දේශය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඌව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත්, ජාතික පොලිස් කොමිෂන් සභාවටත් යොමුකර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කරමින් පුළුවන් ශ්‍රී ලංකා තේමා පාඨය සහිත ටී ෂර්ට් පැළඳ බදුල්ල නගර මධ්‍යයේ සිටි 34 දෙනකු මැතිවරණ පැමිණිලි ඒකකයට ලද තොරතුරු මත බදුල්ල මූලස්ථානයට රැගෙන විත් තිබිණි.

ඒ පිළිබඳ ලද තොරතුරට අනුව හිටපු රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී නිලධාරීන්ට බැණ වැදී තිබුණේ මෙම පිරිස නිදහස් කරන ලෙසට බලකරමිනි. ඒ පිළිබඳ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය විණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ වාර්තාව ගැන සෑහීමක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වෙනම මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට නිර්දේශ කරන බවත් කියමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇති අතර ඊට අදාළ අවසරය ද ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසිය අතින් රාජකාරී පැහැර හැරීමක් සිදුව තිබීම, උසස් නිලධාරීන් දැනුවත් නොකොට යම් අනීතික ක්‍රියාවක් සිදුව තිබීම ඇතුළු හේතු කිහිපයක් නිරීක්ෂණය වීම මත මූලික විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

මැතිවරණ නීති කඩකළ මෙම පිරිස මුදාහැර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත බවට පොලිසිය පාර්ශ්වය සදහන් කර ඇතත් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇත්තේ තමන් එවැනි උපදේශයක් නොදුන් බවය.

මේ සම්බන්ධයෙන් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගෙන් ‘අරුණ’ කළ විමසුමකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුවන හෙයින් විමර්ශන අවසන් වනතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

Related posts

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

දෙමළ ජාතිවාදී අභාලාෂ සහ නව ව්‍යවස්ථාව

colombotoday

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

විපක්ෂ කඳවුරට දර්ශනයක් අවශ්‍යයි. මළමිනී මතින් බලය ගන්න හිතනවානම් ඒ කඳවුරේ හිටගන්නේ නෑ – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday

සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

colombotoday