Uncategorized

ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය වටලයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කර දින කිහිපයකට පසු ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ගම්මාන වෙත ඉලක්කගත ගොඩබිම් වැටලීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායලය හමුදාව මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, දේශසීමා හරහා පැය ගණනක ගුවන් හා කාල තුවක්කු ප්‍රහාර මාලාවකින් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරමින් ඒවා සියතට ගනු ලැබූ බවයි.

2006 වසරේදී මාසයක් පුරා පැවති යුද්ධයකදී අවසන් වරට ගොඩබිම් සටනට සම්බන්ධ වූ ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර මේ වන තෙක් සෘජු ගැටුම් වාර්තා වී නොමැති අතර මෙම ගැටුම් හේතුවෙන් මේ මාසය තුළ 100,000 කට වැඩි පිරිසක් ලෙබනනයේ සිට සිරියාවට පලා ගොස් ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් කර ඇත.

හිස්බුල්ලා සංවිධානය විසින් හැකි ඉක්මනින් නව නායකයෙකු තෝරා ගන්නා බවත්, පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා ඊශ්‍රායලයට එරෙහිව දිගටම සටන් කිරීමට මෙම කණ්ඩායම ප්‍රතිඥා දී ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

ටෙලර් වලින් මුදල් ගැනීමේදී අයකරන ගාස්තුව වැඩි කෙරේ.. මුදල් ගනුදෙනු බද්දකුත් එයි

colombotoday

විකල්පයක් නෑ…අකමැත්තෙන් වුවත් පොහොට්ටුවට එකතු වෙනවා – ඩිලාන්

colombotoday

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

Thong jeans are just the latest weird fashion trend

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday