Colombo Today Local News

ඡන්ද ලක්ෂ 30ක් අවලංගුයි?

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කරති.

නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව ඊට සෘජුවම වගකිව යුතු යැයිද මෙය මුළුමනින්ම රටේ ජන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයිද මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන්ම බලධාරීන්ද කිසිදු උනන්දුවක් දක්වා නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවැසීය.

සිරකරුවාගේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මැතිවරණ දිනයේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙලඹවීම් කළද එම විෂයට අදාළව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති යැයි රත්නායක මහතා කීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයත්් මෙතෙක් පැවැති නීති රාමුව තුළම පැවැත්වෙනු ඇතැයි කී හෙතෙම මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නැතැයිද කීය.

Related posts

බේබද්දෝ ලංකාව ඉහළින්ම ඔසවා තබයි. ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ලංකාවට

colombotoday

වී කන්න ආ වන අලියා පෙරැලු බිත්තියට යට වී තරුණයෙක් මරුට

Admin

මෛත්‍රී මියගියොත් ජනපති පුටුවට රනිල්… ඝාතන කුමන්ත්‍රණය කාගේදැයි එස්.බී. කියයි… ජනපතිගේ ආරක්ෂාව තර කරයි…

colombotoday

හම්බන්තොට චීනයට දි ගත් චෙක්පත් අතුරුදන්.. මහ බැංකුවට බැර කර නෑ !

colombotoday

ගිනිතැබූ හෝටලය පැය 12න් නැවත හදාදෙයි.. ආණමඩුවේ මිනිසුන් එක්වී ජාතිවාදී ගින්නක් නිවා දමයි

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

colombotoday