Colombo Today Local News

අලුත්ම පාස්පෝට් ලක්ෂ 50ක් ලබන මාසයේ සිට

ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවයි.

ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇති.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසීය.

එහි ජ්‍යේෂඨ නිලධාරියෙකු පැවසුවේ, දැනට දෙපාර්තමේන්තුව සතුව විදෙස් ගමන් බලපත් හිස් පොත් 30000ක් පමණ පවතින බවයි.

Related posts

2017 දුගීබව නැති කිරීමේ වසර ලෙස නම් කරයි.. ජනපති යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

colombotoday

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි

colombotoday

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

විල්පත්තු මායිමේ වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කෙරේ

colombotoday