Colombo Today Local News

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් තර්ජන

මෙරව ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් ආවරණය කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයේ පිරිසක් මැදිහත්ව තර්ජනය කිරීමේ සිදුවීමක් කැකිරාවෙන් වාර්තා වේ.

හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.එම් එස්.එම් රංජිත් එම රැලිය අමතමින් සිටියදී රැලියට පැමිණ සිටි දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත. මාධ්‍යවේදීන් රැලිය ආවරණය කරමින් සිටි ස්ථානය අසළ මෙම ගුටිබැටහුවමාරුව සිදුව තිබූ අතර මාධ්‍යවේදීන් විසින් එම සිදුවීමද රූපගත කර තිබේ. මේ අවස්ථාවේ එහි පැමිණි ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරින් විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඔවුන්ගේ කැමරාවල සටහන් කරගෙන තිබූ එම සිදුවීමේ රූපරාමු බලහත්කාරයෙන්ම මකා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස විසින් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින් දැක්වේ.

මාධ්‍ය නිවේදනය ….

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා බව පවසමින් පසුගියදා මහා ඉහළින් ප්‍රකාශ කළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ජනාධිපති අපේක්ෂකයකෙකු බවට පත්ව සිටි ඔහුගේ ජය පතා කැකිරාව නගරයේ සංවිධානය කර තිබුණු ජන රැළියක් වාර්තා කිරීමට ගොස් සිටි ආදරණීය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසකට ඉතා අඳුරු මිලේජ්ජ ක්‍රියාවලියකට මුහුණපෑමට සිදුව තිබේ.

අප සහෝදර මාධ්‍යවේදීන් එම ස්ථානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් වීඩියෝ කැමරාවල පටිගත කර ගැනීමත් සමඟ ජනාධිපති මාධ්‍ය අංශයෙන් බව පවසා පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මාධ්‍යවේදීන්ට තර්ජනය කොට පෞද්ගලික කැමරා පරීක්ෂාකොට පටිගත කර තිබුණු රූපරාමු මකාදමා‍ සහෝදර මාධ්‍යවේදීන් පිටත් කර යැවීම සිදුකර ඇත. මෙම ක්‍රියාව බරපතල මාධ්‍ය නිදහසට ප්‍රහාරයක් එල්ල කිරීමක් බව තරයේ ප්‍රකාශ කර අතර මෙම ක්‍රියාවලිය අප තරයේ හෙලා දකින බවද ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන ජනරැලිය කැකිරාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී ජනතාව අමතමින් සිට ඇත්තේ හිටපු මහා ඇමති වරයකු වන එස්.එම් රංජිත් මහතාය. එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ආසන්නයේ පැමිණ සිටි පාක්ෂිකයන් දෙපිරිසක් අතර යම්කිසි ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුම අවස්ථාවේ මාධ්‍යවේදීන් ඒවා රූගත කිරීම සිදුකොට ඇත. මාධ්‍යවේදියාගේ කාර්යභාරයනම්, රැස්වීම වාර්තාව කිරීම සඳහා ගියද යම් කිසි නොසන්සුන්කාරී තත්වයක් ඇති වන්නේ නම් එය වාර්තා කිරීම ඔහුගේ රාජකාරියේ කොටසකි.

එමෙන්ම පටිගත කර ගත් දේ මාධ්‍ය තුළ පළ කරනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඉන් අනතුරුවය, එමෙන්ම ඒවා ඔවුන් සේවාව සිදුකරන මාධ්‍ය ආයතනවලට යැවීම පමණක් ප්‍රාදේශීය විසිරී සිටින අප සහෝදර මාධ්‍යවේදීන් සිදුකෙරෙනු ඇත. එහෙත් එම අවස්ථාවේ වහාම පැමිණි ජනාධිපති මාධ්‍ය අංශයේ පිරිසක් බව පැවසූ කණ්ඩායම එහි සිටි සියලුම මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික කැමරා උපකරණ සියල්ල පරීක්ෂා කොට බලා එම ගැටුම පටිගත කොට තිබුණු මාධ්‍යවේදී සහෝදරයන් තිදෙනකුගේ දත්ත මකාදමා තිබේ. එසේ සිදු කිරීමට ජනාධීපති මාධ්‍ය අංශයේ එම ක්‍රියාවලිය සිදුකළ නිලධාරීන්ට ඇත්තේ කුමන අයිතියක්ද? අන් අයෙකුගේ පෞද්ගලික කැමරා උපකරණ ඔවුන් සතු කර ගැනීම ඒවායේ පටිගත කරගෙන ඇති දත්ත මකා දැමීම සඳහා ඔවුන්ට ඇති බලය කුමක්ද? ඒ සඳහා අවසර දුන්නේ කවුරුන්ද? ජනාධිපතිවරයා මෙය නොදැන සිදු කළේ ද? එසේ නැත්නම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙය සිදු කළේ ද? ජනාධිපතිවරයාට ආරක්ෂාවට ජනතාවගේ ආරක්ෂාවට රටේ ආරක්ෂාවට යම්කිසි හානියක් සිදුවන දේ පටිගත කළේ නම් කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් මහජන රැලියක සිදුවූ ගුටිබැට හුවමාරුවක් පටිගත කර ගැනීම ජනාධිපති මාධ්‍ය අංශයේ අයට ඇත්තේ වගකීම කුමක්ද? එසේනම් ඔවුන් එවැනි ගුටිබැට හුවමාරු සිදු නොවන පාක්ෂිකයන් රැගෙන ආ යුතු නොවේද? රජරට ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිදුවූ මෙම සිද්ධිය තරයේ හෙලා දකිමි.

පසුගිය දා ජනාධිපතිවරයා හමුවට මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා‍ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැගෙන ගොස් අපමාධ්‍යවේදීන්ගේ අනාගතය සුරක්ෂිත කරන බව මහා උජාරුවට ප්‍රකාශ කළේ ඔවුන්ගේ කැමරාවල ඇති දත්ත මකාදැමීමටද? ස්වාධීනව සේවය කරන මෙම අහිංසක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මර්ධනය කිරීමද යන්න අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි මෙම අමානුෂික ක්‍රියාව පිළිබඳව මාධ්‍ය ආයතන නිහඩව බලා සිටීමද ඉතා පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කළ යුතුව තිබේ. තම ආයතනය වෙනුවෙන් ආයතන ලෝගුව අතැතිව ජනමාධ්‍ය හැඳුනුම්පත අතැතිව සර්වාංගෙම පරීක්ෂාවට ලක් කොට කැමරාවද පරික්ෂාවට ලක් කොට ජනාධිපති රැළිය වාර්තා කිරීමට ගොස් පැය ගණනාවක් හිටගෙන වතුර උගුරක් හෝ නොමැතිව අව්වේ සිටගෙන වාර්තා කරන අහිංසක ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් අඩන්තේට්ටම් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා නොකරන්නේ මන්දැයි අපටද ඇත්තේ බරපතළ කණගාටුවකි.

මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස

Related posts

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

තණමල්විල පුද්ගල ඝාතනයක්

colombotoday

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නැති නිසා ගමන් වාර අඩු කරයි

colombotoday