Colombo Today Local News

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

වී ගොවීන් සදහා හෙක්ටාරයකට මෙතෙක් ලබාදුන් රුපියල් පහළොස් දහසේ පොහොර සහනාධාරය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා මහාභාණ්ඩාගාරය වෙත උපදෙස් දී තිබුණා.

ධීවරයින් සදහා වන ඉන්ධන සහනාධාරය ද ඉහළ නැංවීමට තීරණය කෙරුණා.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩිකළ මෙම සහනාධාර හෙට සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

Related posts

මහින්දටද? රනිල්ටද? බදියුදීන්ගේ අවසන් තීරණය මෙන්න…

colombotoday

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

රට වෙනුවෙන් ශරීරාංග පූජාකළ රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් සහන

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday