Colombo Today Local News

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ.

එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත.

නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නැත.

හිටපු ජනාධිපතිවරයාගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබුණේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ලෝකයටම ආදර්ශයක් බවත් එම බැංකුව සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව හිතපු ජනාධිපතිවරයා සඳහන් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කර ඇත.

Related posts

දිවයිනේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

colombotoday

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

colombotoday

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

colombotoday