Colombo Today Local News

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර මැතිවරණයට තරග නොවැදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇති ගිය ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා ලැබූ පරාජය හා ගත් ප්‍රමාණවත් නොවන ඡන්ද සංඛ්‍යාව බව වාර්තා වෙයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඊළඟ මහ මැතිවරණයට තරග කිරීම සඳහා පක්‍ෂය සංවිධාන කරමින් තිබීමද ඊට බලපා ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවෙන්ද ඔවුන්ට එම පක්‍ෂයට යළි එක් කර ගැනීම සඳහා අකමැත්ත දැනටමත් පල කර තිබේ.

ඉතිරි වී ඇති එකම විකල්පය වන දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකට සන්ධානයකින් තරඟ වැදුනද සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගත නොහැකි වනු ඇති බවට ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

ඒ හේතුන් මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීම පොදුජන පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨයන් මෙන්ම කනිෂ්ට මන්ත‍්‍රිවරුන් රැසක් දැනටමත් තීරණය කර අවසන් බව දැනගන්නට ඇත.

Related posts

සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන පළගැටි විශේෂයක් රටපුරා වගාබිම් විනාශ කිරයි

colombotoday

Video: ඥානසාර හිමියෝ විජිතපුර සටනට යති. නිතිය ක්‍රියාත්මක නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

colombotoday