Colombo Today Local News

ජස්ටින් ටෲඩෝට අපලයක්

ඊයේ 25 දිනයේදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ගේ ආණ්ඩුව පෙරලා දමා නව මැතිවරණයක් ගෙන ඒමේ අපේක්ෂාවෙන් එරට විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙනවිත ඇති බව වාර්තා වේ.

එරට විශ්වාසභංගය සම්මත වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 338 දෙනාගෙන් බහුතරයකගේ අනුමැතිය අවශ්‍ය වන අතර ආසන 153ක් හිමි ටෲඩෝ ගේ ලිබරල් පක්ෂය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ආසන 119ක් හිමි කන්සර්වේටිව් පක්ෂය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් Pierre Poilievreවිසින් ගෙන ආ මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ තවත් දේශපාලන පක්ෂ දෙකක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NDP) සහ Bloc Québécois හි නායකයින්ගේ සහයෝගය ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ යෝජනාව අසාර්ථක විය.

කන්සර්වේටිව් පක්ෂය ප්‍රකාශ කර ඇති පරිදි අද 26 දිනයේද අවම වශයෙන් තවත් එවැනිම විශ්වාසභංග දෙකක් ගෙන ඒමට ඔවුන් සැලසුම් කර ඇති අතර මේ වන විට ටෲඩෝ වසර හයක් පුරා එරට අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කරමින් සිටියි.

ටෲඩෝගේ ලිබරල් පක්ෂය ගෙවුණු ග්‍රීෂ්මයේදී ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් හි අතුරු මැතිවරණ දෙකක් පරාජයට පත්වීමත් සමඟ දැඩි පිඩනයකින් පසුවන අතර නිවාස මිල දරාගත නොහැකි වීම සහ ඉහළ යන ජීවන වියදම් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ටෲඩෝ ජනප්‍රියත්වයද මේ වන විට පිරිහෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

රනිල්ගේ ජයග්‍රහණය ගැන අකිල කියපු අමුතු කතාව

Admin

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

colombotoday

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට !

colombotoday