Colombo Today Local News

විශ්‍රාම වැටුප් අහිමි වූ මංත්‍රීවරු

පාර්ලිමේන්තු වාර දෙකක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් පනස් පන් දහසක් පමණ වන අතර , පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා නවක මන්ත්‍රිවරු අසූපස් දෙනකුට පමණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ වසර පහක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරයකුට රුපියල් හතළිස් පන්දහස බැගින් ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටුපක් හිමිවන අතර ඉහත මන්ත්‍රිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වන්නේ ලබන වසරේ නිලකාලය අවසන් වීමට නියමිත වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කලින්ම වූ නිසාය.

නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූයේ පසුගිය 2020 වසරේ අගෝස්තු මස 20 වැනිදාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිත වූයේ ලබන වසරේ අගෝස්තු මාසයේදීය.

මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් පනස් හතර දහස් තුන්සිය අසූ පහකි. එම වැටුපට අමතරව පාර්ලිමේන්තුව රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක පැමිණීමේ දීමනාව ලෙස රුපියල් දෙදහස් පන්සියයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන්ද රුපියල් දෙදහස් පන්සියයක් හිමි වන බව සඳහන් වේ.

Related posts

මම පොලිසිය පොලිෂ් කරනවා. – ජනපති කියයි

colombotoday

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ සවිකර තිබු බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

colombotoday

කණු පෙරළුවේ බමන මතින් බව සනාථයි.. අධිකරණ වෛද්‍ය වාර්තාව සහතික කරයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

colombotoday