Colombo Today Local News

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් කෙරෙහි විශ්වාසය තබන ලද සෑම සියලු දෙනා වෙතම තම හෘදයාංගම කෘතඥතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම සෑම හදවතක් තුළ ම සාමයේ අරුණළු දල්වන්නා වූ එක්සත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් උදෙසා වන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ව්‍යායාමය කෙරෙහි තමන් නොකඩවා කැපවී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ.

මා කෙරෙහි විශ්වාසය තබන ලද සෑම සියලු‍ දෙනා වෙත ම මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමි. සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් හෝ වෙනයම් ජන ප්‍රජාවක සාමාජිකයකු ලෙස හෝ ඔබ කුමන දේශපාලන මතවාදයක් දැරුවත් මා හට හැඟීගිය ඔබගේ අපේක්ෂාවන් තවදුරටත් දරමින් මා ඉදිරියට යන්නෙමි.

පරාජය පරාජයක් සේ නොසලකා සෑම දරුවකු හට ම සුපෝෂණය වීමේ අවස්ථාව සලසමින් ද ‘තමා පොදු සමාජයේ කොටසක්’ බවට වූ හැඟීමක් සියලු‍ ජන කොට්ඨාස වෙත ඇති කරවීමට ද කටයුතු කරමි. එමෙන් ම සෑම හදවතක් තුළ ම සාමයේ අරුණළු දල්වන්නා වූ එක්සත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් උදෙසා වන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ව්‍යායාමය කෙරෙහි ද නොකඩවා කැපවී සිටින්නෙමි.

අවසාන වශයෙන් මා කෙරෙහි විශ්වාසය රැඳවීම පිළිබඳ ස්තුතිය පළ කරමි. එසේ ම පුරවැසියන් වන අප සියලු දෙනාට ම හිමිවිය යුතු අනාගතය උදෙසා වූ සටන අත් නොහරින බවට ද මෙහිලා පොරොන්දු වෙමි.

-රුවන් නෙළුගොල්ල

Related posts

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

colombotoday

“දම්වැලේ කොහෙන් බැන්දත් එකයි.” මහ නා හිමිවරු ගැන ඥානසාර හිමිගෙන් අමුතු කතාවක්

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ…- මහජන උපයෝගීතා කොමිසම කැබිනට්ටුවට දන්වයි

Admin