Colombo Today Local News

මගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්වයෙන් අසාධරණයට පත් දරුවන්ට යුක්තිය ඉටු කරනවා

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එයින් අසාධාරණයට ලක්ව ඇති සිසුන්ට ඉදිරි සමගි ජන බලවේගයේ ආණ්ඩුව යටතේ අනිවාර්යයෙන්ම සාධාරණය ඉටුකරන බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දැන් පුළුවන් කියන පුද්ගලයාට බැහැ තමන් යටතේ තිබෙන ආණ්ඩුවේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙන්නෙ නැතිව තියාගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ ? ලීක් වුණු ප්‍රශ්න තුන ඉවත් කරනවාලු. ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ලක්ෂ සංඛ්‍යාත දූ පුතුන්ට කරන බරපතළ අසාධාරණයක් මේක. මම ලීක් වෙන, මේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්න පත්‍ර ලීක් වීමේ කුමන්ත්‍රණය අපි හොයාබලනවා. ඒවා කරපු අයට එරෙහිව ගන්න තියෙන බරපතළම තීන්දුව අපි ගන්නවා. මම කියන්න කැමතියි ජනාධිපතිවරයාට, ඔබ කරන හැමදේම ලීක් වෙනවා. ලීකේජ් එක නතර කරගන්න. පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නු සිසුන්ට සිදුවුණු මේ අසාධාරණය අපේ ආණ්ඩුවක් යටතේ නිවැරදි කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා” යනුවෙන් හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කෑහගල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday

නවක මන්ත්‍රී සමන් රත්නප්‍රියට එක්කෝටි විසි ලක්ෂය තීරු බදු රහිත වාහන බලපත්‍රයක්… අනුමැතියට ලියකියවිලි බාර දෙයි !

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

රැඳවුම්භාරයේ සිටින අසාද් සාලි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday