Colombo Today Local News

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුවේ ප්‍රධාන දේශකයකු වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සම්බන්ධ කරගැනීම ගැන පක්ෂය තුළින්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

රෝහිණී මාරසිංහ යනු රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයගහ නම් පුද්ගලයාව ජනාධිපති සමාව මත නිදහස් කරන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කළ ප්‍රධාන චරිතයකි. ජනාධිපති සමාව ලබා නිදහස ලද සැණින් අදාළ පුද්ගලයා රටින් පළාගිය අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුට ජනාධිපති සමාව ලබාදීම සිදුකර ඇති ආකාරය නීතිවිරෝධී බව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබිණි. ඒ අනුව ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළත් ඔහු ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයෙහි අවසන් දින කිහිපයේදී මෙසේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වන විත්තිකරුට මෙම ජනාධිපති සමාව ලබාදීමේ සිද්ධිය සමාජය තුළ තවමත් දැඩි විවේචනයට ලක්වන්නකි. ඒ අනුව රෝහිණී මාරසිංහත් එම දූෂිත ක්‍රියාදාමයේ ප්‍රබල පුරුකකි.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයාව සිටි විනිසුරුවරයා මඟහරිමින් ඊට පහළින් සිටි රෝහිණී මාරසිංහ මහත්මියව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වශයෙන් පත්කිරීම පිළිබඳව ද නීති ක්ෂේත්‍රය තුළ ඒ සමයේ දැඩි විවේචනයක් මතුව තිබිණි.

එවන් වූ රෝහිණී මාරසිංහව ජාජබ නීතීඥ සමුළුවට සම්බන්ධ කරගෙන ඇත්තේ ජාජබ නීති වැඩකටයුතුවල ඉදිරියෙන්ම සිටින නීතීඥවරයකු විසින් බව සඳහන්.

Related posts

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

කොළඔ සුපිරි හෝටල්වලට ගෝන මස් සැපයූ දෙදෙනෙක් කොටු

colombotoday

බාල වානේ කම්බි වෙළදපොළේ – සාදර අනුග්‍රහය පාරිභෝගික අධිකාරියෙන්

colombotoday

ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !

colombotoday