ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු අභියෝගයකට ලක්කරමින් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයැයි එළැඹෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී යෝජනාවක් සම්මතකර ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.
ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවැත්වෙනු ඇති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පැවැසීය.
පසුගිය මැයි පෙළපාළියට සහභාගි නොවුණු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයට සහභාගි නොවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙහිදී විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙහිදී යෝජනා කෙරෙනු ඇති බවද එම ආරංචි මර්ග පැවැසීය.