World

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

londan mus

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නගරාධිපති ධුරය සදහා ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙකු තේරී පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමින් එම නගරාධිපතිධුරයට තරගවැදුණු සාදික් ඛාන් මෙලෙස තේරී පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර නගරාධිපතිවරයා තේරීම සඳහා වන මැතිවරණය වෙනුවෙන් එරට ප්‍රධාන පක්ෂ වන කම්කරු පක්ෂය නියෝජනය කරමින් සාදික් ඛාන් ද කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් සැක් ගෝල්ඞ්ස්මිත් ද ඉදිරිපත්වී සිටියා.

ඒ අනුව කොන්සර්වේටිව් අපේක්ෂක සැක් ගෝල්ඞ්ස්මිත් පරාජයට පත් කරමින් සාදික් ඛාන් ජයගත්තේ ඡන්ද 1 310 143ක් ලබා ගනිමින්. මෙහිදී කොන්සර්වේටිව් අපේක්ෂක ගෝල්ඞ් ස්මිත්ට හිමි වූයේ ඡන්ද 994 614ක් පමණයි.

ලන්ඩනයේ නගරාධිපති ධුරයට පත් සාදික් ඛාන් පාකිස්තාන සංක්‍රමණික පවුලකට අයත් 8 දෙනෙකුගෙන් යුත් පවුලක 5 වැන්නා බව සඳහන්.

ලන්ඩනයට සංක්‍රමණය වීමෙන් පසු එරට බස්රථ රියෙදුරෙකු ලෙස සාදික් ඛාන් කටයුතු කර තිබෙනවා.ඉන් අනතුරුව තම ස්වෝත්සාහයෙන් තම ව්‍යාපාරයක් අරඹන ඔහු ප්‍රථම වතාවට මෙලෙස ලන්ඩන් නුවර නගරාධිපති තනතුර වෙත අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇත. එහිදී නාම යෝජනා ලබාදීමේදී කම්කරු පක්ෂයේ අනෙක් අපේක්ෂකයන් අභිබවමින් ඉදිරියට පැමිණෙන ඔහු අවසානයේ පැවැත්වූ මෙම මැතිවරණයෙන් ජයගැනීමට සමත්ව තිබෙනවා.

Related posts

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට නේපාල විදේශ අමාත්‍යවරයාගේ නිල විරෝධය

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

colombotoday

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday