World

රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුට

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.

සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21)දින අදාළ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල කර ඇත.

යේමනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අරාබි රාජ්‍යයන්ගේ සන්ධානය විසින් 2015 වසරේ සිට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙති.

මෙම ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 10,000 පිරිසක් මේ වන විට මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin