Colombo Today Local News

සියළු වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්යයි.. නැතිනම් අවහිර කරන්න රජය සූදානම් !

web-333මෙරට ක්‍රියාත්මක වන සියළුම වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබදව සාකච්ඡා කර ඇත.

ඇතැම් වෙබ් අඩවි මාධ්‍ය නිදහස අයථා ලෙස යොදා ගෙන ඇති බවට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවට විදුලි සංදේශ නියාමන කොමිසම පවසා ඇති අතර මේ තත්ත්වය වැලැක්වීමට සුදුසු පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර වෙබ් අඩවි නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද උපදෙස් දී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නොවන වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

Related posts

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

colombotoday

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday