Colombo Today Local News

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමක්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය.

“විශේෂයෙන්ම “ලක්විජය” ගල්අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රයේ ධාරිතාවය යම් ප්‍රමාණයකින් අඩුකිරීමට සිදුවෙලා තිබෙනවා. ඒ එකේ තාක්ෂණික දෝෂයක් නිවැරදි කරමින් තිබෙන නිසා. ඒ තත්ත්වය තුළ සමහර අවස්ථාවල විශේෂයෙන් රාත්‍රී ඉහළ විදුලි ඉල්ලුම් කාලසීමව තුළ සමහර ප්‍රදේශවලට පැය බාගයකට ආසන්න කාලය විදුලි සැපයුම සීමා කිරීමක් ක්‍රියාත්මක කරන්න සිද්ධවෙනවා. කෙසේනමුත් මේ තාවකාලික තත්ත්වයක් ඒ ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතියට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනවා. පැය බාගයක් විනාඩි 45ක් වගේ පද්ධතියේ අවශ්‍යතාවය අනුව තමයි මේ විදුලි සැපයුම සීමා කරන්නේ. විශේෂයෙන්ම කළමණාකරන කරගැනීම සඳහා අවශ්‍ය විදුලි ධාරිතාවය පද්ධතියේ නොමැති වුවහොත් පමණක්.”

Related posts

අම්පාරේ ගින්නට බදුර්දීන් පිදුරු දමයි.. ඇමතිකමට මුවා වී ගිනි අවුලවන හැටි මෙන්න

colombotoday

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

Admin

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹෙයි

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin