Colombo Today Local News

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දියාවට එරෙහි සංචිතයට ඇතුළත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක් පැවැත් වේ.

විරෝධතාවයේ නියැලෙන පුද්ගලයින් පෙන්වා දෙන්නේ ශාරීරීක යෝග්‍යතාව පදනම් කරගනිමින් භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කිරීම අසාධාරණ බවයි.

මෙම විරෝධතාවට එක්වූ පුද්ගලයෙක් සඳහන් කළේ ” ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ. ක්‍රිකට් ගහන්න ඕන හයිය. අයි.පී.එල්. වලට ලංකාවෙන් යන එකම පිතිකරුවා භානුක රාජපක්ෂ. ලසිත්ට, කුලසේකර කරපු දේ භානුකට කරන්න ක්‍රිකට් ආයතනය හදන්නේ”
කිලෝ මීටර් 02 ක යෝග්‍යතා ධාවනය භානුක විසින් සම්පූර්ණ කර ඇතත් ස්කින්ෆොල්ඩ් පරීක්ෂණයෙන් ඔහු තවමත් නිසි මට්ටමට පැමිණ නොතිබීම හේතුවෙන් මෙසේ ඔහු ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

Related posts

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin