Colombo Today Local News

කැබලි කළ වියළි පොල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

කැබලි කළ වියලි පොල් ආනයනය කිරීම සදහා අවසර දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මාස 3ක කාලයක් සදහා වලංගුවන පරිදි මෙම අවසරය හිමිවන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

මෙරට පොල්තෙල් කර්මාන්තකරුවන් පත්ව ඇති අසීරුතාවයන් සහ පොල්මිල සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගනිමින් එම අවසරය ලබාදීමට තීරණය කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම පොල් කර්මාන්තකරුවන් ලබා ගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම සඳහා සහන ලබා දීමටද පියවර ගෙන තිබෙනවා.

පිරිපහදු කළ පාම් තෙල් පමණක් ආනයනය කිරීමටද අවසර ලබා දී තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday