Colombo Today Local News

කැබලි කළ වියළි පොල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

කැබලි කළ වියලි පොල් ආනයනය කිරීම සදහා අවසර දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මාස 3ක කාලයක් සදහා වලංගුවන පරිදි මෙම අවසරය හිමිවන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

මෙරට පොල්තෙල් කර්මාන්තකරුවන් පත්ව ඇති අසීරුතාවයන් සහ පොල්මිල සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගනිමින් එම අවසරය ලබාදීමට තීරණය කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම පොල් කර්මාන්තකරුවන් ලබා ගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම සඳහා සහන ලබා දීමටද පියවර ගෙන තිබෙනවා.

පිරිපහදු කළ පාම් තෙල් පමණක් ආනයනය කිරීමටද අවසර ලබා දී තිබෙනවා.

Related posts

“තිලංග මහත්තයෝ… ඔය මලයිලව් මංත්‍රීකම් පැත්තකට දාලා එලියට එන්න”- දැයම එක රොදකට සමුළුවට පැමිණි තිලංගට ඥානසාර හිමි පවසයි

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday