Colombo Today Local News

වලානගොඩ නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි.

ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (21) දිනයේ දී එම ආසාදිතයා පළාගොස් ඇති බවය.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බවට සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය දී මෙලෙස පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පළාගිය කොවිඩ් ආසාදිතයා සම්බන්ධයෙන් මේ වන විට කටුනායක පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

colombotoday

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

පල්ලේකැලේ ක්‍රිකට් පිටියට හෙළුවෙන් පැන්න සුද්දාට වැඩ වරදී !

colombotoday