Colombo Today Local News

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 28 වන දා තෙක් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම තීරණය ගෙන ඇත.

Related posts

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

සජිත් හෙට විශේෂ හමුවක!

Admin

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

ආපදා මරණ 16 දක්වා ඉහළට… 127913ක් පීඩාවට පත්වෙයි.. මහ වැසි තවදුරටත්

colombotoday