Colombo Today Local News

පොතුවිල් විරෝධතා පාගමනට එක වූ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනට එක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රාසමානිකක්ම් සානක්‍යයන්, තවරසා කලෙයිඅරසන්, සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු දේශපාලන නියෝජීතයින් රැසකගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් අද (22)දින කොළඹදි ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් යාපනය, වව්නියාව, මඩකළපුව යන ඔවුනොවුන්ගේ කාර්යාල හා නිවාස වලට ගොස් පොලසිය ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇත.

යාපනය මහනගර සභාවේ නගරාධිපති වී. මනිවන්නන්, නීතිඥ කේ .සුභාෂ්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. සිවාජීලිංගම්, යන මහත්වරුන් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමන අධිකරණ නියෝග නොතකමින් සහභාගී වූ බවට දැනටමත් බී වාර්තා ගොනු කර තිබේ.

තවද එම විරෝධතා පාගමනට අධිකරණ නියෝග නොතකමින් සහභාගි වුණේ යැයි පවසමින් පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, සෙල්වම් අඩෙක්කලනාදන් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් යන මහත්වරුන්ගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම පාගමනට සහභාගිවීම සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සියලු නීතී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පමණක් බවත් කොළඹ ඕනෑ තරම් විරෝධතා පැවැත්වෙන බවත් ඒ කිසිවක් මෙම නීතී අදාළ නොවන්නේ මන්ද යන්න තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටන බවත්ය. එක රටක් එක නීතීයක් යනු මෙයදැයිද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Related posts

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

සජිත් ප්‍රේමදාසගේ වත්තේ ලොකු වලක් කපලා දෙන්න වලදාන්න. මේකේ තියෙන්නේ අන්තවාදයක්. | භූමිදානය ගැන දයාරතන හිමි කියති.

colombotoday

ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

Admin

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

රජරටට දුන් නිවාස ආධාර හිටපු නිවාස ඇමති, හොර පාරකින් ණයට දීලා !

colombotoday