හම්බන්තොට උපවාසයේ නිරත ගොවීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (22)දින රෝහල්ගත කිරීමට ද සිදුව තිබේ.
යෝජිත ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ කඩිනමින් ගැසට් කරන ලෙසට ඉල්ලමින් ගොවීන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වන දිනටත් ක්‍රියාත්මකය.
හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වනදා ආරම්භ කළේය.