Colombo Today Local News

එක්සත් රාජධානියෙන් මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ඒ අනුව හෙට (23)දින අලුයම 2 සිට නැවත දැනුම් දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා පැවසීය.

එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබේ.

මේ අතර, මහා බ්‍රිතාන්‍යයේ තුළ පැතිර යමින් පවතින නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කෙසේවෙතත් යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

Related posts

චූඩා මාණික්‍ය කියන්නේ නිකං පළිගුවක්… ඒක බිම තියෙද්දී පෝලිං ගහල වදිනව – එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ

colombotoday

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු ආපන ශාලාවක දී කොටු

colombotoday