Colombo Today Local News

නාමල්ගේ කාර් එකක් FCID අත්අඩංගුවට ගනී !

namal car

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ‘Ford Mustang’ වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට හිමි වූ තීරුබදු රහිත වාහන බලපත්‍රය යොදා ගෙන තමන් එම මෝටර් රථය මිළදී ගත් බවයි.

කෙසේ වෙතත් මීට වසරකට ඉහතදී එම මෝටර් රථය සිය මිතුරකුට අලවි කළ අතර බැංකු ණයක් ලබා ගෙන තමා එම මෝටර් රථය මිළදී ගත් බවත් මෝටර් රථය පොලිසිය භාරයට ගැනීමට හේතුව කුමක් දැයි තමා නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

ඩයනා කර මුලට හිරවෙයි

Admin

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday