Colombo Today Local News

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරන අතර එහි ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන පරිදි ලංකා අයි.ඕ.සී සමාගමට ද කොටස් හිමිවන බව ඔහු සඳහන් කරයි.

තවද යාපනයේ දූපත් කිහිපයක් චීන සමාගමකට ලබාදුන් බවට එල්ලවන චෝදනාවලටද අමාත්‍යවරයා ඊයේ (18)දින පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබාදී ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“2003දී එ.ජා.පය මේ තෙල් ටැංකි වසර 35කට බදු දුන්නා. විස්තරාත්මක බදු ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අපි ඉන්දියාව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ ටැංකි කළමනාකරණයට බහුතර කොටස් අපට හිමිවන ආකාරයට ඉතිරිය ලංකා IOC සමාගමට හිමිවන නව සමාගමකට යෑමට අදහස් කරනවා. අදාළ කැබිනට් පත්‍රිකාවට පෙර ජනතාව දැනුවත් කරලා ජනතා අදහස් අනුව කටයුතු අවසන් කරනවා.”

“යාපනයේ දූපතක පුනර්ජනනීය ව්‍යාපෘතියක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ටෙන්ඩර් කැඳවූවා. ලංසුව අනුව ටෙන්ඩරය හිමිවුණේ චීන සමාගමකට.”

Related posts

කළුගල් වැඩබිම් රැසකින් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් – ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.

colombotoday

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday

ගෞරව උපාධි පට්ටම පෞද්ගලික වැඩවලට එපා !!

colombotoday

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

සරසවි සිසුන්ට ඡන්දය අහිමි වෙයි

Admin