දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.
නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ 3 වන ජනන යන්ත්‍රය අද පස්වරුවේ නැවතත් අක්‍රිය වී තිබේ.
යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් නොරච්චෝලේ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාව නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.