Colombo Today Local News

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

avangurd33ඇවන්ගාඩ් සමාගමට අයුතු ලෙස අධික ලාභයක් ලබාගැනීමට ඉඩකඩ සලසමින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක අලාභයක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකුට එරෙහිව ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුව් නඩු පවරනු ලැබීය.

එකී අවසරය ලබාදීම නිසා 2012.08.08 හා 2015.01.08 කාලය තුළදී රජයට එම අලාභය සිදුවූයේ යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ නඩුව මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අතිරේක ‍ලේකම් සුජාතා දමයන්ති, පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩාර අධිකාරි, විශ්‍රාමික හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, විශ්‍රාමික නාවික හමුදාපති ජයනාත් සිරිකුමාර කොළඹගේ හා විශ්‍රාමික නාවික හමුදාපති ජයන්ත පෙරේරා එම නඩුවේ සැකකරුවෝ වෙති. එම නඩුව අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේදී කැඳවීමට නියමිතය.

Related posts

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday

පාතාලයෙන් වෙඩි වරුසාවක්

Admin

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

colombotoday

කහතුඩුවේ පෙම් සබඳතාවක් නිසා තරුණයින් දෙදෙනෙක් අතර ගැටුමක්

Admin