Colombo Today Local News

“ඉන්දු – ලංකා පාලම විමල් ගේ වැඩක්.. සැලසුම හැදුවේ ඔහුයි” – එජාප මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර

edward gunasekara

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමට යෝජනා වූයේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකුව සිටියදී එම අමාත්‍යාංශය මගින් සැකසූ “2011 ජාතික භෞතික සැලැස්ම” මගින් බව එජාප පා.ම. එඩ්වඩ් ගුණසේකර මහතා පවසයි.

ඊයේ (30) සිරිකොතදී පැවතී මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා “2011 ජාතික භෞතික සැලැස්ම” පොත මාධ්‍යට ඉදිරිපත් කළ අතර, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් හැදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා නඟන්නේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරු බවද පැවසූ ඒ මහතා මෙම පොතින් එහි සත්‍ය අසත්‍යතාවය හෙළිවන බවද පෙන්වාදුන්නේය.

මෙම පොත එවකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශය විසින් සැකසූවක් බවත්, අදාළ පාලම තැනීම සඳහා අයෝජන මණ්ඩලය හා මහමාර්ග අමාත්‍යංශය සම්බන්ධ කර ගැනීම සඳහා යෝජනා කර ඇති බවත්, ඔහු කියා සිටියේය.

Related posts

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin