Colombo Today Local News

“සිරා දැන් හොරා” මධුමාධව රහස් රැසක් එළියට දමයි !

madumadawa aravindaපිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද මහතා මෙසේ අදහස් පල කලේය.

අපි මේක කලිනුත් මාධ්‍යයට කිවුවා නමුත් ඒකට හේතුවක් හැදිලා තිබුණේ නෑ. අලුත් ආරංචියත් එක්ක අපිට අහන්න තියෙන්නේ 1980 සංවිධායකවරයෙක් විදිහට තමන්ගේ දේශපාලනය පටන් ගත්ත පොළොන්නරුවේ ගොවි පුතෙක් වෙච්ච සිරිසේන මහතා. රාජපක්ෂ මහත්තයා සම්බන්දව සහ ඔහුගේ පවුලේ ගැන බිල්ඩින් පේනකොට මේක අරයගේ මේ හෝස්පිටල් එක අරයගේ කියලා කිව්වට අද වන විට දන්නවා එතුමට කොළඹ ඉන්නවත් තැනක් නෑ. හැබැයි අපිට අහන්න තියෙන්නේ මේ පොළොන්නරුවේ දුප්පත් ගොවි පුතා නැත්නම් දුප්පත් ගොවි පරපුර තමයි තාමත් ලංකාවේ දැවැන්ත ඒකාධිකාරයක් පවත්වාගෙන යන ව්‍යාපාර බහුතරයක අයිතිකරුවන්. අපිට අහන්න අයිතියක් තියෙනවා අර මොනවදෝ හෙළිකරනවා කිව්වා එතුමා, අනේ ජනාධිපතිතුමනි මෙවත් හෙළිකරන්න.

ඇතුමල් පිටියේ තියෙන සහල් ඒකාධිකාරය හෙවත් සහල් මාපියාව නමින් හදුන්වන අරලිය සහල් ව්‍යාපාරය මෙතරම් විශාල වු‍ණේ?
කාමර 104ක් තියෙන පොළොන්නරුව වැව්තාවුල්ලේ තියෙන සුබෝපභෝගි අරලිය හෝටලය. දුප්පත් ගොවිපවුලට මේවා උපතින් තිබුණා ද? මේ හෝටල් කොහොමද ඒ පරපුරේ ව්‍යාපාර බවට පත් වුණේ?

නුවරඑළියේ තියෙන ගීන් හිල්ස් (Green Hills) සංචාරක හෝටලයක්. කාමර 108යි. සුබෝපභෝගි හෝටලයක්. උපතින් ගෙනාව ව්‍යාපාරද කියලා අපිට හෙළි කරන්න.

අරලිය දේපළ වෙළදාම් නමින් ලංකාවේ දැඩි ලෙස අනිත් දේපළ වෙළදාම් සමාගම් වලට බලපෑම් කරමින් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල ඉඩම් මිලදී ගෙන විකුණනන ව්‍යාපාරත් දුප්පත් ගොවිපුතාත් උපතින් ගෙනාවද කියලා අපිට හෙළි කරන්න අර මොනවදෝ හෙලිකරන අතරතුර.
අරලිය ක්‍රන්ස්ට්‍රක්ෂන් කලු ගල් පාරවල් වලට දාන. ඒ ව්‍යාපාරයත් දුප්පත් ගොවි පවුලට උපතින් තිබුණාද කියලා අපිට අහන්න වෙනවා. වැලි සම්බන්දව වැලි ඒකාධිකාරයත් සිරිසේන පවුලේමයි. අරලිය වැලි සැපයුම්කරු ඒකත් දුප්පත් ගොවිපුතාලාගේ පවුලේ ව්‍යාපාරයක් ද උපතින් ගෙනාව.

අපි නිතරම දකිනවා දහම් සිරිසේන තරුණයා දහඩිය මහන්සියෙන් හම්බකරපු ධනයත් එක්ක වාහන අරගෙන ඔහුත් ව්‍යාපාර කරනවා. චතුරිකා සිරිසේන දුව එතුමියත් ව්‍යාපාරයක් කරනවා. ඒවත් ඒ දුප්පත් ගොවිපරපුරේ දෙවල් ද? ඊට අමතරව කොළඹ නගරයේ දන්නවා රාත්‍රී සමාජශාලවල්, කැසිනෝ හල් සහ කොළඹ නොනිදන නගරයේ දැවැන්තයෙක් වෙච්ච එතුමගේ සහෝදරයා දවසකට ලක්ෂ ගණන් විනාශ කරලා දාන්නෙත් ඒ ගොවිපවුල උපතින් ගෙනාව මුදල්ද කියලා අපිට දැන ගන්න ඔනේ ඒකත් හෙළිකරන්න කියලා අපි එතුමාට කියනවා.

එහෙම කියන්නට එක හේතුවක් තමයි රටේ අපි දන්නවා රටේ නායකයන්ට මිනිස්සු ආදරේට විවිධ නම් පට බදිනවා. ප්‍රේමදාස මහත්තයාට ප්‍රේමේ, චන්ද්‍රකා නෝනට සැටලයිට්, මහින්ද රාජපක්ෂ මහත්තයාට මරා, සිරිසේන මහත්තයාට සිරා කිව්වා. කමක් නෑ ඒවා වරදක් නෑ. හැබැයි සයිබර් අවකාශය අවදානයෙන්. සිරා සිරා කිව්ව සයිබර් අවකාශය දැන් ඔබට හොරා හොරා කියනවා. ඒ නිසා අපි කියනවා රටක නායකයෙක්ට සිරා සාරා කියද්දි සතුට වගේම හොරා හොරා කියද්දි අපිට භයක් දැනෙනවා රට ගැන. ඒක නිසා අපිත් පත්තරෙන් තමයි දැක්කේ ඔබතුමා හොරා කියලා අහගත්ත එක. අපි නිවැරදි කරලා දෙන්න රටේ නායකයා හැටියට කියලා කියන්න සිද්ද වෙනවා. නීතිපතිට කියන්න ඇත්තේ සමහර විට මේ මගේ රටේ ඔබේ රටේ අපේ රටේ තින්දු තිරණ ඇමරිකාවට ඉන්දීයාවට එහෙම නැත්නම් වෙනත් රටවලට ඔනේ විදිහට හුරුකරගන්න අලුත් ජනාධිපතිතුමා හිතනවාද දන්නේ නෑ වෙනත් රටවලත් නීතිපතිට මෙහෙම කිව්වාම තමන්ගේ දේවල් වෙනස් කරයි කියලා. සිරා සිරා කිව්ව ඔබට දැන් හොරා හොරා කියනවා ඒවට උත්තර බදින්න කියලා දැන් ඉල්ලනවා.

අරවින්ද අතුකෝරල

Related posts

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස කතා නායක පිළිගනී.. කිරිඇල්ල විරුද්ධ වෙයි…

colombotoday

පුංචි ඡන්දෙට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්.. කැළෑ පාලු ඇමතිට මෙච්චර සල්ලි කොහෙන්ද?

colombotoday

“තමුසෙලා ඔක්කොටම වැරදිලා.. වත්තල මංතීරුව කඩුපු අයට රජයෙන් තෑගි දෙන්න ඕන”- ජෝන් ඇමති

colombotoday