දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ, කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.
අද (30) හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම කණ්ඩායම මෙහෙයවන්නේ ලංකා පෙත්තකොස්ත සභාව නමැති ඇමරිකානු ඉවැන්ජලික ක්රිස්තියානි සභාවක් විසින් බවත්, බෞද්ධ හින්දු එකමුතු කඩාකප්පල් කිරීම සදහා මෙම පහර දීම සිදුකර ඇති බවත් ලංකා හින්දු සම්මේලනය සදහන් කරයි.
එහි සභාපති එන් අරුන් කාන්තන් මහතා ප්රකාශ කරන්නේ, කිසියම් පුද්ගලයෙක් අද හිමිදිරියේ දුරකථන ඇමතුමක් ලබාදී බෞද්ධ හින්දු එකමුතුව ගැන කටයුතු කිරීම නවතා දමන ලෙසත්, මේ පිළිබදව කටයුතු කිරීමට උතුරට නොඑන ලෙසත්, පැමිණියහොත් වෙඩිතබා මරා දමන බවටත් තමන්ට තර්ජණය කළ බවයි.