Colombo Today Local News

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් වාහනයක් ගෙන්වීම සඳහා ණය මුදලක්ද එම මන්ත්‍රීවරුන්ට ලබාදීමේ උත්සාහයක් දියත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රු.කෝටි 200ක මුදලක් මුදාහැරීමට බැංකුවට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බී.බී.සී.ය වෙත පවසා ඇත.

එමෙන්ම,දැනට ලබාදී ඇති වාහන බලපත්‍රය මගින් පමණක් ලක්ෂ 280 ක් දක්වා වූ තීරු බදු සහනයක් මන්ත්‍රීවරුන්ට ලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මෙවැනි ණය මුදලක් ලබාදීමටත් වඩා එම ණය මුදල ලබාගැනීමටත් පෙර මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීමද ඉතා බරපතල තත්ත්වයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, එම ණය මුදල ලබා නොගැනීමට සිය පක්ෂය තීරණය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බී.බී.සී.ය වෙත පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍යරන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ එසේ වෙන්කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි ක්‍රියාවක් බවය.

තමන් දැනට පාවිච්චි කරන්නේ කලින් අමාත්‍යවරයෙකු පාවිච්චි කළ වාහනයක් බවත්, එවැනි වාහන දහස් ගණනක් ගාල් කර ඇති බවත්, ඒවා සෝදා, අලුත්වැඩියා කර පාවිච්චි කළ හැකි තත්ත්වයේ ඒවා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා බී.බී.සී.ය වෙත පවසා තිබේ. එමෙන්ම, රටේ ණය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක අප සිටින බව අමතක නොකළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව, රු.කෝටි දෙසීයක බරක් මහජනතාව මත පැටවීමට තමන් සූදානම් නැති බව ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව විමසීමටමුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇමතීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බව බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.

Related posts

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ… අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා !

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

දෙමළ අනන්‍යතාව වෙනුවෙන් “සංහිදියා නාලිකාව“ විකාශන කටයුතු අරඹයි

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

colombotoday