Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යනය කර ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යනය කිරීමට ආරක්ෂක, විදේශ, මහජන ආරක්ෂක හා අධිකරණ අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත් කිරීමට නියමිතය.

එම අනු කමිටුව පනත අධ්‍යනය කර සිදු කළ යුතු සංශෝධන යෝජනා ඇතුළත් වාර්තාවක් මාස තුනක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට නියමිතය.

මේ සඳහා ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා හා අධිකරණ අමාත්‍යවරයා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද සැලසුම් කර තිබේ.

ත්‍රස්තවාදය සහ අන්තවාදී ක්‍රියාවන්ට මුහුණ දීම සඳහා පෙර සූදානම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම, විමර්ශන. අධීක්ෂණය සඳහා ත්‍රස්ත මර්දන නීතිවල අඩුපාඩු හඳුනා ගැනීම කමිටුවට පැවරී ඇත.

අන්තවාදී ක්‍රියා නැති කිරීම සඳහා නීති සම්පාදනය, ජාත්‍යන්තර සම්මුතීන් හා දේශීය නීති පද්ධතියට කිසියම් අපහාසයක් හෝ හානියක් සිදු නොවන බව තහවුරු කරමින් ජාතික ආරක්ෂාව මෙන්ම රජය සතු ජාත්‍යන්තර මානව හිමිකම් සුරක්ෂිත කරමින් යෝජනා ඉදිරිපත් කිරීමටද කමිටුවට පැවැරෙන වගකීම් අතර වෙයි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකාරී නීති පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පවතින බව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් තහවුරු වූ බවද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ බියකින් ජීවත් වීමට ඉඩ තබන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ !

colombotoday