Colombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස උපරිමයි.. “ඔබට සතුටුයිද දැන්” – මරික්කාර් අසයි

marikkarවර්තමානයේදී රටේ ජනතාවට ඇති තරම් ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස ලැබී ඇති හෙයින්, ඒ නිසා ජනතාවගෙන් ඔබට සතුටුයිද දැන් කියලා කියලා අසන්නට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙගොඩ කොළොන්නාව අරලිය උයන මාර්ගය, වෙන්නවත්ත පී.එස්.පෙරේරා මාවත හා කැලණිමුල්ල අඹකොටේ මාර්ගය කුට්ටි ගල් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පවරා දීමේ උත්සවයකදීය.

එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා, නව ආණ්ඩුවක් පත්වුනාම ජනතාවට හැම දෙයක්ම එකපාර කරගන්න අවශ්‍ය වෙනවා. ගෙවල්, පාරවල් ඉක්මනට හදන්න ඕනේ වෙනවා. ඒ වගේම රස්සාවලුත් ඉක්මනට ගන්න ඕනේ වෙනවා. මේ ආදි හැම දේම එකපාර බලාපොරොත්තු වෙනවා. නමුත් අපි ක්‍රමවත් සැලසුමක් ඇතිව පිළිගත් ක්‍රමවේදයන්ට යටත්ව රජයේ ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව තමයි සංවර්ධන කටයුතු ගෙවුනු වසරක කාලයේදී ආරම්භ කළේ, ගංවතුරක් එක්ක ජනතාවට විශාල පීඩාවකට ලක්වුනා. තමන් උපයා ගත්ත දේවල් නැති වුන නිසා ඒ දවස්වල ජනතාව මට හොදටම බැන්නා. ඒ කාලේ වගේ බැනපු අය සුදු වෑන් එවලා ඩිෆෙන්ඩර් එවලා ඉස්සුවේ නෑ මං . ජනතාව ප්‍රසිද්ධියේ මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළා. ඒක ජනතාවගේ පීඩනය. අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදීව කටයුතු කරනවා නම් ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. යයිද පැවසීය.

Related posts

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

colombotoday

ආබාධිත රණවිරුවන්ට දුන් “යහපාලන ගුටි උපහාරය“ ගැන ඥාණසාර හිමි බරණැස සිටි කියපු දේ (Video)

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

චන්ද්‍රිකා නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට.. අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස පත්කෙරේ

colombotoday

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday