Colombo Today Local News

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

fonceka23
ඊයේ පැවැති කැබිනට් හමුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වාහනයක් මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයකු වෙත රජයෙන් වෙන්කරනු ලබන මුදල තමාට වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 350ක් වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන් කෙරෙන නමුත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසා ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. 7සීරීස් වාහනයක් මිලදී ගැනීම සඳහා තමන්ට මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 700ක් පමණ වන බැවින් නවීන බෙන්ස් රථයක් හෝ මිලදී ගැනීම සඳහා ද රුපියල් ලක්ෂ 400ක් අවශ්‍ය බැවින් අමාත්‍යවරයකු ලෙස තමාට වාහනයක් මිලදී ගැනීමට වෙන්කෙරෙන රුපියල් ලක්ෂ 350ක මුදල රුපියල් ලක්ෂ 50කින් වැඩිකරදෙන ලෙසට මෙහිදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම ඉවතලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඒ පිළිබඳ ‘පසුව සලකා බලමු’ යනුවෙනි.

Related posts

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

colombotoday

අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් 5000 ක දීමනාවක්

colombotoday

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday