Colombo Today Local News

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

indrajith coomaraswamyපළමු වතාවටඋතුරේ සංවර්ධනය වෙනුවෙන්වූව්‍යාපාරික සමුළුවක් ඊයේ (22) යාපනය දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී පැවති අතර ඒ සඳහා මෙරටව්‍යාපාරිකයින් මෙන්ම උතුරේ පදිංචිව විදෙස්ගතව සිටිනව්‍යාපාරිකයින්ද සහභාගී විය.

උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්කුරේ මහතා සහමහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යනඅයගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට රජයේ නිළධාරීන් රැසක් මෙන්ම දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකුම එක්වූහ.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ තමන් හැදුනු වැඩුනු උතුරු පලාතේමෙවැනි අයෝජන සමුළුවක් පැවැත්වීම සතුටට කරුණක් බවත් උතුර සංවර්ධනයකිරීමට ගන්නා මෙම උත්සාහය වෙනුවෙන් මහ බැංකුවෙන් උපරිම සේවාවක් ඉටුකිරීමට පියවර ගන්නාබවත්ය.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්, අමාත්‍යමහින්ද අමරවීර, දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සර්වණබවන් මහතා, ශිවමෝහන් මහතා උතුරු පලාත් සභාවේසභාපති සී.වී. කේ. ශිවඥානම් මහතා, උතුරු පලාත් කෘෂීකර්මඅමාත්‍ය පී. ඩෙනිස්වරන් මහතා මෙන්ම ආයෝජක සංවර්ධනමණ්ඩලය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ආර්ථිකසංවර්ධන මණ්ඩලයන්හි නිලධාරීහුද සහභාගී වීසිටියහ.

Related posts

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

සිත කළකිරෙයි

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

ආහාර මිලත් පහළට

Admin