Colombo Today Local News

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෝ දෙකක් රත්මලානේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් සහ කෙරළ ගංජා සමග රත්මලානේදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සතුව කේරළ ගංජා ග්‍රෑම් 47ක් සහ හෙරොයින් ග්‍රෑම් හයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් ඊයේ (1)දින සිදු කළ හදිසි වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

colombotoday

2019 ජනාධිපති අපේක්ෂකයා මගේ සහෝදරයා විය හැකියි – හිටපු ජනපති මහින්ද පවසයි

colombotoday

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday