යුද්ධය සදහා අවි ආයුධ මිලදී ගැනීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඊයේ සිදුකළ ප්‍රකාශයට හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ කරුණු විකෘති කර ප්‍රකාශ කිරීම තුළින් හිටපු ජනාධිපතිවරිය තමනට මෙන්ම හිටපු ගුවන් හමුදාපතිවරයාටද, යුද ජයග්‍රහණය සදහා කැපවූ නිලධාරීන්ගේ කීර්ති නාමයටත්, පොදුවේ සමාජයටත් කර ඇත්තේ බලවත් හානියක් බවයි