Colombo Today Local News

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

මිදිගම පොලිස් වසමේ තුර්කි ගම්මානයේ දී වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු වලාන රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගොස් තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 46ක තුර්කි ගම්මානය – මිදිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට එරෙහි ව මාතර අධිකරණයේ නඩුවක් පැවත ඇති අතර, ඔහු ඊයේ (20) උදෑසන ඒ සදහා සහභාගි වී ඇති බවට වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අද (21) උදෑසන මිදිගම බමුණුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පණ්ඩිත්පෙරුම ආරච්චිගේ සුදේෂ් මධුසංඛ නොහොත් බමුණුගොඩ මහත්තයා නම් වයස අවුරුදු 28 පුද්ගලයකි.

ඔහු මිදිගම බමුණුගොඩ ප්‍රදේශයේ නිවසේදී ජීව අත්බෝම්බයක් සමග අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

Related posts

නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට | වැඩිම පිරිස ඇඹිලිපිටියෙන්..

colombotoday

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

colombotoday

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

colombotoday

ඥාණසාර හිමියන්ට අදත් ඇප නොලැබෙයි… 16 දක්වා යළි රිමාන්ඩ්!

colombotoday