Colombo Today Local News

ලබන වසරේ සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

ලබන වසරේ සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළ නීති උපදෙස් ද ලබාගෙන ඇති බවයි.

ඒ අනුව එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වෙනුවෙන් විශේෂ කේත අංකයක් ද සහිතව යෙදවුමක් නිර්මාණය කරනු ඇති.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිනමා ශාලාවක් වැනි ස්ථානයක් තුළ සිටින අයෙකු එන්නත් කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම්, එහි වගකීම කළමනාකාරීත්වය භාරගත යුතු බවයි.

එන්නත් නොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති නමුත් අන් අයගේ ජීවිත අවදානමට ලක් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට හැදීමෙන් දන්න දේත් නොදන්නවා කියා හෙළි වුණා.. පා.ච. රණවක සමග මං එකගයි

colombotoday