Colombo Today Local News

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක් යන තේමාව යටතේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින් සහ පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපෙක්ෂිත ය.

සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, ව්‍යාපෘතිය සඳහා දැනටමත් යුනෙස්කෝ අනුමැතිය ද හිමිව ඇති බවයි.

තව ද ව්‍යාපෘතිය යටතේ මීටර් 10 කින් පමණ ගැඹුරකින් යුත් ගාලු වරායේ දියකඩනය මීටර් 18 – 20 ත් අතර ප්‍රමාණයකට ගැඹුරු කොට ඉදි කිරිමට අපේක්ෂිත අතර ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 175 ක පමණ මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

Related posts

අනුරගේ මවට ආශිර්වාද පතන්න සෝභිත හිමි අනුරපුරයට වඩිති

Admin

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

Admin

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

චෝදනා පහක්.. විජේදාස ගැන එජාපයේ අවසන් තීන්දුව හෙට !

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday