Colombo Today Local News

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ඉන්දීය මාධ්‍යත් හෙළි කරයි: අයි.එෆ්.ඊ.එස්. වාර්තාවෙන් එජාපය හෙල්ලෙයි

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය ඉතා සමීප ආකාරයෙන් යොමුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිදුකිරීම ඒ සඳහා හේතුව වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ද හින්දු පුවත්පත’ ඇතුළු ඉන්දීය මාධ්‍ය කිහිපයක්ම මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් කර තිබූ අතර, ඉන්දීය මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් වන The International Foundation for Electoral Systems (IFES) ආයතනය පෙන්වා දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් පේ්්‍රමදාස මහතා අතර පවතින ඡන්ද ගැටුමේ පැහැදිලි ලෙසම ඉදිරියෙන් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, සජිත් ප්‍රේමදාස මහතාට ද විශේෂ වැඩසටහනක් හරහා ඕනෑම අවස්ථාවක ඉදිරියට පැමිණිය හැකි බවත් පෙන්වා දේ.

ශ්‍රී ලංකාවේ දුප්පත්කම සම්බන්ධයෙන් කතා කරන දේශපාලන නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ග්‍රාමීය ජනතාව අතර තැනක් දිනා සිටියද, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හතරෙන් තුනක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා බවත් ඉන්දීය මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දේ.

Related posts

සිවාජිලිංගම්ට ඇප

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

Admin

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

colombotoday

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday