Colombo Today Local News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද(10)දින වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, 2016 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදි තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා ලැබ සිටින හිටපු මන්ත්‍රීවරිය අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මේ හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතයි.

Related posts

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

නීතිපති, වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් කැඳවයි

colombotoday

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

colombotoday