විගණන වාර්තා නිසි පරිදි භාර නොදුන් දේශපාලන පක්ෂ 4ක් කරුණු විමසීම සඳහා හෙට(22) දිනයේදී කැඳවීමට මැතිවරණ කොමිසම තිරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අවස්ථා කිහිපයකදී සිය විගනණ වාර්තා නිසි පරිදි ඉදිරිපත් කරන්නැයි එම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇති බවය.
නිසි පරිදි විගණන වාර්තා භාර නොදෙන පක්ෂ ඉදිරියේදී අක්රිය කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.